Tuesday 6 January 2009

෴ හෙලෝ ශ්‍රී ලංකා - එයාර්ටෙල් ෴

ඔන්න Airtel ලත් 12 වෙනිදා වැඩ පටන්ගන්නයි හදන්නෙ. ඒක හින්දා Staff එකට නම් මේ දවස් වල වැඩ වැඩියි. මොකද තමන්ට කැමති අංකයක් මේ දවස් දෙකේ ( අදයි හෙටයි ) ඇවිත් වෙන් කර ගන්න කියලා කිව්වනේ. උදේ Office එකට ගියාම Office එකේ කට්ටිය කථා වෙන්නෙම මේ Airtel ගැන. කොහොම හරි අපේ දෙන්නෙක් ගියා නාරහේන්පිට Airtel Head Office එකට. ගිහින් ඇවිත් කියනවා මේ සිම් ගන්න මිනිස්සු පෝලිමට පාර දිගේ හිටගෙන ඉන්නවා කියලා. මීටර 100 කටත් වැඩිය මේ පෝලිම දිගයි කියලා. කොහොමෙන් කොහොම හරි අපේ Office එකේ අය හෝ ගාලා මේ අයදුම්පත ෆොටෝ කොපි කර කර පුරවනවා. මටත් කොහෙන්දෝ මන්දා මේ අයදුම්පතක් හම්බ වූ හින්දා මමත් මෙක පුරවගෙන ගියා නාරහේන්පිට Airtel Head Office එකට. අරකිව්වා වගේ පෝලිමක් තිබුනා. මොනා කරන්නද පොලිමේ ඉඳලා කොහොම හරි මම ඇතුලට ගිහින් අයදුම්පත භාර දුන්නා. හැබැයි Packege ගැන විස්තර ඇහැවුවාම ඒ ගැන ඒ ගොල්ලොත් දන්නෙ නෑ කිව්වා. පුදුමෙනුත් පුදුමයි ඒ කථාවට. මොනවා උනත් අයදුම්පත භාර දීලා එනකොට මගදි හම්බ උනා Promotion Campain ගිය තට්ටු දෙකේ Airtel බස් එක. ටක්ගාලා අතේ තිබිච්ච ෆෝන් එකෙන් ගත්තා ෆොටෝ එකක් Blog එකට දාන්නම කියලා.

0 comments: